FAST NEWS

24×7 Around the Globe

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද සවස 5.00ට දිවයිනට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඔහුගේ දේහය රැගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානය පාකිස්තානයේ ලාහෝර් නුවරින් දහවල් 12.30ට පිටත්වීමට නියමිතය.