FAST NEWS

24×7 Around the Globe

ඩොලර් හිඟයෙන් ආහාර තවමත් වරායේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් දහසකට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ඩොලර් හිඟය නිසා මෙලෙස ආහාර ද්‍රව්‍ය බහාලුම් සිර වී තිබේ.