FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර 2608 කට පොලිසිය විසින් අවවාද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මුව ආවරණ නිසි ලෙස නොපැළදීම පිළිබද බස්නාහිර පළාතේ පුද්ගලයින් 2608 කට පොලිසිය අවවාද හා උපදෙස් දි තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරන්නන් පිළිබද සොයා බැලිම සදහා ඊයේ දිනයේදි මෙම පොලිස් මෙහෙයුම සිදු කෙරුණේ රථවාහන නිළධාරීන් 851 කගේ සහභාගීත්වයෙන්.

යතුරු පැදි 3233 ක ගමන් ගත් පුද්ගලයින් හා ත්‍රීරෝද රථ 3264 ක ගමන්කළ පුද්ගලයන් මෙහිදි පරීක්ෂාවට ලක් කෙරුණා.

සමස්ථයක් ලෙස පුද්ගලයන් 9661 ක් මෙහිදි පරීක්ෂාවට ලක්කල බවයි පොලිසිය සදහන් කළේ.