FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිවරයාට සිතාසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස්පතිවරයාට නොවැම්බර් 29 ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ලබා දී තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි පාස්කු ප්‍රහාර නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට මෙලෙස වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සිතාසි නිකුත් කර තිබේ.