FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති නීතිඥයින් පත්කිරීම​ට නව මාර්ගෝපදේශ මාලාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මාර්ගෝපදේශ 14ක් එම නව ගැසට් පත්‍රය මඟින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව​ට එහි දැක්වෙයි.