FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය සේවකයින් දෙදින වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් අද (24) පෙරවරු 7 සිට දින 2ක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වැටුප් සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තීය සමිති 16ක් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ දී ඊයේ (23) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, තම සංගමයට අයත් හෙද කාර්ය මණ්ඩලය මෙම වර්ජනයට සහය නොදක්වන බවයි.