FAST NEWS

24×7 Around the Globe

රසායනික පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රසායනික පොහොර, දිලීර නාශක, වල් නාශක සහ පළිබෝධනාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) සිට අවලංගු කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ, ඒ අනුව අද සිට රසායනික පොහොර, පළිබෝධනාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවයි.