FAST NEWS

24×7 Around the Globe

මහින්ද තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා තමා තව දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාරයි.

ඉකුත් මහ මැතිවරණයේදී මනාප 46,542ක් ලබා ගත් ඔහු මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද වනවා.