FAST NEWS

24×7 Around the Globe

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළඳපලේ රත්තරන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. මෙරට රත්තරන් මිල මේ වනවිට දැක්වෙන්නේ කැරට් 22 පවුමක් රුපියල් 118,000 ක් ලෙසයි.

රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළදපොලේ අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862 යි දශම 5 යි 6 ක් ලෙසයි.

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව රත්තරන් මිල සියයට 4 යි දශම 1 යි 8 ක වර්ධනයක් පෙන්වන අතර විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.