FAST NEWS

24×7 Around the Globe

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සිට හොර රහසේ රැගෙන ආ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ දී අද (20) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නීතිවිරෝධි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

එම පුපුරණ ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ 998 ග්‍රෑම් 750ක් බව සඳහන්.

මෙම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කුමන අරමුනකින් මෙරටට හොර රහසේ රැගෙන ආවේද යන්න ආරක්ෂක අංශ විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.