FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව හඳුනාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

ඔහුට සිදු කරන ලද DNA පරීක්ෂණයකින් මේ පිළිබඳ තහවුරු වී තිබේ.

2020 ජූලි 03 වනදා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී අංගොඩ ලොක්කා හෘදයාබාධයකින් මියගොස් තිබුණි.