FAST NEWS

24×7 Around the Globe

NMRA : එපික් ලංකා දත්ත ක්‍රියාකරු ඇප මත මුදා හැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මකාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි එපික් ලංකා පෞද්ගලික සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝග කළේ.