FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පැය 2ක විශේෂ මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (13) පැය 2ක කාලයක් තුල බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ මගී ප්‍රවාහන බස් රථ 360ක සේවකයන්ට පොලිසිය විසින් අවවාද කර තිබනෙවා.

ඊට අමතරව වෙළඳසැල් 480ක් සඳහා ද පොලිසිය අවවාද කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

බස්නාහිර පළාත තුල මහජනතාව නිසි ලෙසට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබෙනවා.

ඊට සහභාගී වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 476ක්.

බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම, මුව ආවරණ පැළඳීම, වායු සමනය කළ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් හා වෙළඳසැල් තුලට ඇතුලුවිය හැකි ගනුදෙනුකරුවන් සීමා කිරීම මෙන්ම ඒ සඳහා දැන්වීම් ප්‍රදර්ශණය කර තිබේ ද යන්න පරීක්ෂා කිරීම මෙහෙයුමේ අරමුණයි.

එහිදී මගී ප්‍රවාහන බස් රථ 895ක්, වායුසමනය කළ බස් රථ 181ක් සහ සිල්ලර වෙළඳසල් ඔසුසල් සහ වෙනත් කුඩා වෙළඳෂල් 1232ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.