FAST NEWS

24×7 Around the Globe

කටුනායක අධිවේගය භාවිත කරන අයට දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දීමක් කර තිබේ.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන දින උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.