FAST NEWS

24×7 Around the Globe

අයවැයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 වසර සඳහා අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පණත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනුයි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇත්තේ.

අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.