FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් එම පවුල්වලට සහන සැළසීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් සළසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් පවුල්වල සාමාජිකයන්ට අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.