FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් ජනපති දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස 12 දෙනෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් මාලදිවයින මාලේ නුවර සිට අද උදෑසන 09.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරය හෙට දින නිම කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය කොළඹ තුරග තරග පිටියේ දී අද ආරම්භ වනවා.

මෙහි සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහායි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා දිවයිනට පැමිණ ඇත්තේ.