FAST NEWS

24×7 Around the Globe

අසාමාන්‍ය අයුරින් භාණ්ඩ මිල ඉහළ දැමීමට අවස්ථාවක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

එහෙත් අසාමාන්‍ය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩල මිල ගණන් ඉහළ දැමීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නොමැති බව අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කර සිටියි.

එවැනි තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව විමර්ශනය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුවන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියි.