FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය සේවාවේ වෘත්තීයවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව නොවැම්බර් 9වනදා දිවයිනපුරා රෝහල්වල පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

අවස්ථා කිහිපයකදීම තම ඉල්ලීම් පිළිබදව දැනුවත් කළද, සෞඛ්‍ය බළධාරින් මේ දක්වා නිසි සාකච්ඡාවක් හෝ දීමට අපොහොසත්ව ඇති බවටයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරන්නේ.

ලබන 9වනදා සිදුකරන පැය 24ක සංකේත වැඩ වර්ජනයට සෞඛ්‍ය බළධාරින් යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිර්ඝ කිරීමට සිදුවන බවටද ඔවුන් අනතුරු අගවනවා.

No photo description available.

No photo description available.