FAST NEWS

24×7 Around the Globe

රාගම සහ පේරලන්ද අතර දුම්රිය ගැටීමක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහා) – රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර අද උදෑසන, දුම්රිය දෙකක් ගැටී තිබෙනවා.

පුත්තලම සිට පානදුර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ඊට පිටුපසින් පැමිණි බලවේග කට්ටල දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ගැටීමට ලක් වූ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කළ බවයි රාගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයා කියා සිටියේ.

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් අද පෙරවරුවේ හටගෙන තිබූ අතර, එය මේවනවිට යථා තත්වයට පත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක සඳහන් කළේ.