FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අද මහජන සම්මන්ත්‍රණ සභාවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සහභාගීත්වයෙන් අද (29) මහජන සම්මන්ත්‍රණ සභාවක් කොළඹ පිටකෝට්ටේ උත්සව ශාලාවකදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය අමෙරිකානු සමාගමට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිත බව මහජන සමන්ත්‍රණ සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.