FAST NEWS

24×7 Around the Globe

උපකාරක පංති ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ළමුන් සියයට අඩු උපකාරක පංති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති ඉසුරු මේනුක මහතා පෙන්වාදෙන්නේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ වී සති දෙකක් තුළ උපකාරක පංති ආරම්භ කිරීමට ද හැකියාව පවතින බවය.