FAST NEWS

24×7 Around the Globe

විදුලි වෘත්තීය සමිති පැය 48 ක වර්ජනයක් ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින් පැය 48 ක වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි විදුලි වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කලේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා ඊට අදාළ සියලු තොරතුරු දැනුම් දෙන බවයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ පවත්වා තිබුණා.