FAST NEWS

24×7 Around the Globe

සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියානු පොහොරවලට ගෙවීම සඳහා රුපියල් කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට තැන්පත් කිරීමට තමන් රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍ය බවත්, එමෙන්ම සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අවධාරණය කරනවා.