FAST NEWS

24×7 Around the Globe

විශේෂ පොලිස් මෙහෙයුමකින් 948ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළා.

ඊයේ පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම සිදුකර තිබෙනවා.

එහිදී අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 398 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60 දෙනෙකු සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් 405 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.