FAST NEWS

24×7 Around the Globe

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති බවට සඳහන්.

එම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබුණි.

ඉන් අනතුරුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.