FAST NEWS

24×7 Around the Globe

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන බ්‍රහස්පතින්දා සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එදින සිට දිනකට ගමන් වාර 128 ත් 130 ත් අතර සංඛ්‍යාවක් ධාවන කිරීමට නියමිත බවයි දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෙහිදී පළාත් තුළ සහ අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන අතර මහනුවර, මාතර, ගාල්ල, බෙලිඅත්ත සහ හලාවත යන දුම්රිය ස්ථානවල සිට ද කොළඹ දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.