FAST NEWS

24×7 Around the Globe

NMRA දත්ත මකා දැමීම : දත්ත ක්‍රියාකරු යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එපික් ලංකා පුද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු ලබන 25 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතායි නියෝගය ලබාදුන්නේ.

සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් කරන්නේ නම් එය ලිඛිතව ලබාදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.