FAST NEWS

24×7 Around the Globe

ෆයිසර් 608,000ක් අද අලුයම දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය දිනූෂ දසනායක සඳහන් කළේ, ශ්‍රී ලංකාව මිල දී ගනු ලැබූ ෆයිසර් එන්නත් තොගයෙන් මිලියන 1.7ක ප්‍රමාණයක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

අද අලුයම රැගෙන ආ එන්නත් තොගය කිලෝ 1,817යි ග්‍රෑම් 800ක බරින් යුක්ත අතර, එය පෙට්ටි 53ක අසුරා තිබුණා.