FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීගෙන් විධායක ජනාධිපති අහෝසි කරන කැබ්නට් පත්‍රිකාවක්.

විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් බදාදා (18) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ අද (17) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් සහතික පත් බෙදා දීමේ උත්සවයට එක්වෙමිනි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද තමාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බදාදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති කීවේය.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන උත්සවයේදී උන්වහන්සේගේ දේහය ඉදිරිපිට විධායක ජනපති ධූරය අහෝසි කරන බවට මීට පෙර ජනපති සපථ කළේය.