FAST NEWS

24×7 Around the Globe

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා.

ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්.

කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඊයේ දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි පස් වැනි දා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

සිව් වැනි වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් උන්වහන්සේට වෙන් කෙරුණේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වූ මුල් පෙළ අසුනක්.