FAST NEWS

24×7 Around the Globe

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මඟින් 14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විජිත් වැලිකල පත්කර තිබෙනවා.