(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 08 සිට පැය 13 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම කපා හැරෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කලේ කොළඹ 09 – 10 – 11 – 12 සහ 13 ප්‍රදේශවලට ලබන ඉරිදා පෙරවරු 09 දක්වා මෙම ජල කප්පාදුව බලාත්මක වන බවයි.








