FAST NEWS

24×7 Around the Globe

අසාද් සාලි ලබන 25 වන දින අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට අද නියම කලා.

ඒ තමන් මුදා හරින ලෙස ඉල්ලමින් අසාද් සාලි මහතා ගොණු කර ඇති මෝසම අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය මාර්තු 09 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදුකල ප්‍රකාශයකින් ආගම් අතර මතභේද ඇතිවිය හැකි බව දක්වමිනුයි නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ චෝදනා ගොණු කර ඇත්තේ.