FAST NEWS

24×7 Around the Globe

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සමඟ අද (12) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (11) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර කෙසේ වෙතත් පසුව එය කල් ගියා.