FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් සහනයක් ලබා දේ නම් මිල වැඩිවීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඛනිජ තෙල් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළා.