FAST NEWS

24×7 Around the Globe

රාගල වතු යායේ නිවසක ගින්නකින් එකම පවුලේ 5ක් මරුට [UPDATE]

(ෆාස්ට් නිව්ස් |  නුවරඑළිය) – නුවරඑළිය රාගලවත්ත වතු යායේ මැද කොටසේ නිවසක හටගත් ගින්නකින් ළමුන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ක සහ 11 ක ළමුන් දෙදෙනෙක් / වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 60 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුයි.

පොලිස් ස්ථානීය අපරාධ විමර්ශන නිළධාරීන් විසින් ඊයේ රාත්‍රියේදීම එම ස්ථානයේ විමර්ශනයක් පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලා.

සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදී වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.