ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තවත් හිටපු සැකකරුවන් 8 දෙනෙකු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය අද ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.
මේ අනූව පසුගියදා ඇප මත මුදාහැරුණු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සැකකරුවන් 31 දෙනා සමග මේ දක්වා ඇප හිමිව ඇති ගණන 39කි.
පසුගියදා ඇප මත මුදාහැරීමට නියෝග කළ 31 දෙනාගෙන් ඇප කොන්දේසී සම්පූර්ණ කළ 24 දෙනෙකු බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.







