FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට යළි අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමි වනවා.

ඒ අනුව සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන අතර සැකකරුවන් සඳහා අමුත්තන් හමුවීමට සතියකට එක් වරක් අවස්ථාව ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.