FAST NEWS

24×7 Around the Globe

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අද සිට නැවත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ දැඩි අවධානම මත තාවකාලිකව අත්හිටුවන ලද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අද සිට සංචරණ සීමාවන්ට යටත්ව නැවත ආරම්භ කෙරෙනවා.

ඒ අනුව එහි සේවාවන් ලබා ගැනීම සදහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 හෝ ස්ථාවර දුරකථන මගින් 1225 අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය යුතු බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා නිවේදනය කළේ.

මීට අමතරව ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් එන් ටී එම් අයි ඩොට් එල් කේ යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ චැනලින් යෙදුම මගින් දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බවද සදහන්.

ඊ චැනලින් සේවාව මගින් දිනයක් හා වේලාවක් වෙන්කරගෙන මේ දක්වා සේවාවන් ලබා ගත නොහැකි වූ සේවාලාභින්ට නැවත සේවා ලබා ගැනීමට පැමිණිය යුතු දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සදහන් කළා.