බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂ ලේකම් බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසමේ ප්රශ්න කිරීමට ලක්වූ දිනයේ අයුතු ජන රාශියකට එක්වූ බව කියන ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා උසාවියෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත අද (26) ඒ හිමියන් අත් අඩංගුවට ගත් බවත් පිටරට සිට පැමිණියේ අද බවත් පොලිසිය අධිකරණයට කරුණු කියා සිටියේය.







