FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘත වෙන දිනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් ඔක්තෝබර් 04 වනදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කෙසේ නමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු වනවා.