FAST NEWS

24×7 Around the Globe

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි.

මේ අනුව පසුගිය අප්‍රේල් 01 වනදා සිට අද එනම් සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිතවු රියදුරු බලපත්‍රවල වලංගු කාලය අදාළ දිනයේ සිට මාස 12 කින් දීර්ඝ කෙරෙනු ඇති.

හෙට එනම් ඔක්තෝබර් 01 වනදා සිට ලබන වසරේ මාර්තු 22 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය අදාල දිනයේ සිට මාස 06 කින් දීර්ඝ කෙරෙන බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.