FAST NEWS

24×7 Around the Globe

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගැනීමෙන් අනතුරුව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේ වනවිටත් තෙල් කාන්දු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය සඳහන් කළේ, දිනකට තෙල් ලිටර් 20 ක් පමණ නෞකාවෙන් පිට වන බවය.