FAST NEWS

24×7 Around the Globe

ලාංකිකයන්ට බූස්ටර් එන්නතක් දීමට මෙතෙක් අවසන් තීරණයක් නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවුරුදු 12 ත් 19 ත් අතර නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට පමණක් හෙට දිනයේදී කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කෙරෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොළඹ – අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලදී හෙට සිට එය ක්‍රියාත්මකයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීත් අනෙකුත් දිස්ත්‍රික් දෙකෙහි රෝගී සායනවලදීත් එන්නත ලබාදීම සිදුවන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලාංකිකයන්ට 03 වන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියා.