(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ ජයන්ත කැටගොඩ අද දිවුරුම් දුන්නා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී මෙලෙස ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙසින්.
මීට පෙර ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ කටයුතු කළ අතර, ඔහු ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ලැබුවා.








