FAST NEWS

24×7 Around the Globe

දිවයිනට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.