FAST NEWS

24×7 Around the Globe

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම සිදු කර ඇත්තේ ආනයනකරුවන් සඳහා පමණක් බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ් අනුව තමන් ආපසු මෙරටට පැමණීමේදී වෙනදා මෙන් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග මෙන්ම රූපවාහිනී යන්ත්‍ර, වැනි උපකරණ පෞද්ගලික පරිහරනය සඳහා රැගෙන යාමට මෙම සීමා ගැටලුවක් නොමැති බවයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ.