FAST NEWS

24×7 Around the Globe

අගමැති ඉතාලිය වෙත ළඟා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් ව ගිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ ඉතාලියේ බොලොඤ්ඤා වෙත ළඟා වුණා.

අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතයි.

හෙට ඉතාලියේ බොලොඤ්ඤාහි දී ආරම්භ වෙන එම සමුළු‍ව තෙදිනක් පුරා පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු‍ දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඉතාලිය බලා පිටත් ව ගියේ ඊයේ අලු‍යම යි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ඉතාලි සංචාරය අතරතුර දී රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිත බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.