FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේ ද විවෘතව පවතිනවා.

ඒ අනුව, තොග වෙළෙඳාම් කටයුතු සදහා පමණක් අද අලුයම 04.00 සිට ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙදාම් කටයුතු ආරම්භ කෙරුණා.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ.